ආමේනියා අගමැති ඝාතන තැත වරදී



ආමේනියා අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යෑන් ඝාතන කිරීමට එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවූ බව ආමේනියා ජාතික ආරක්ෂක සේවය පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා එල්ල වී ඇත්තේ ආමේනියානු රිපබ්ලිකන් පක්ෂයට ය. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන වහ්රාහ් බග්දසාර්යාන් සහ ඇෂොට් මිනසයාන් යන දෙදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ද ආමේනියා ජාතික ආරක්ෂක සේවය වැඩි දුරටත් පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඝාතනය කර, අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සකු තෝරා ගැනීම සම්බන්ධයෙන් වහ්රාහ් බග්දසාර්යාන් ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සැලැසුම් කර තිබුණු බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ආමේනියා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ආමේනියා වැසියන් විරෝධතා ආරම්භ කර තිබේ. ඒ, අග්‍රාමාත්‍යවරයා අසර්බයිජානය සමඟ පවතින අර්බුදයේ දී, රුසියාවේ කීමට කන් දී, රුසියාව විසින් හඳුන්වා දුන් සටන් විරාමයට එකඟත්වය පළ කළ බැවිනි.

ආමේනියාව සහ අසර්බයිජානය අතර අර්බුදයක් පවතින්නේ දෙරටම අයිතිවාසිකම් කියන ‘නගොර්නෝ කරබාක්’ පළාත මුල්කොට ගනිමිනි. ‘නගොර්නෝ කරබාක්’ පළාත අසර්බයිජානයට අයත් වුවත්, එහි ජීවත් වන වැඩි දෙනා ආමේනියා වාර්ගික වැසියන්ය. සටන් විරාම සම්බන්ධයෙන් එකඟතා පළ වුවත්, ආමේනියා සහ අසර්බයිජාන හමුදා අතරේ මේ වනවිටත් දරුණු ගැටුම් පවතී.

යෙරෙවෑන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS