ආගමික නිකායේ නායකයා අත්අඩංගුවට



දකුණු කොරියාවේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තියට හේතුවක් වූ සින්චොංජි ආගමික නිකායේ නායක ලී මෑන් හේ (88) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 5,000 ක් දක්වා ඉහළ ගියේ මෙම ආගමික නිකාය සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඔවුන්ගේ සාමාජිකයන් එක්රොක් කර ගැනීම නිසාය.

තම ආගමික කටයුතු සඳහාත්, සාමාජිකයන් අතරේ සිදුවුණු එක්රොක්වීම් ආදිය වසං කළේ යැයි ලී මෑන් හේ ට චෝදනා එල්ල වී ඇත. එසේ වසං කළ බැවින් ආසාදිතයන් කල් තියා හඳුනා ගැනීමට නොහැකි වූ බව දකුණු කොරියානු බලධාරීන් චෝදනා නගා තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS