අවසන් අපේක්ෂකයෝ දෙදෙනා



පාලක කොස්වටිව් පක්ෂයේ නායකත්වය සඳහාත්, බි‍්‍රතාන්‍ය අගමැති ධුරය සඳහාත්, ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් අවසන් අපේක්ෂකයන් දෙදෙනා බවට පත්වී ඇත්තේ, බොරිස් ජොන්සන් සහ ජෙරමි හන්ට් ය.

බි‍්‍රතාන්‍යයේ අගමැතිවරයා වන්නේ පාලක පක්ෂයේ නායකයාය. මේ වනවිට බි‍්‍රතාන්‍යයේ බලයේ රැුඳී සිටින්නේ කොන්ස්වටිව් (ටෝරි) පක්ෂයයි. ඒ අනුව, කොන්සවටිව් පක්ෂයේ නායකත්වය සඳහා ඡන්ද විමසුම පවතින්නේ  පක්ෂ අභ්‍යන්තරයේය.

දක්ෂිණංශික දේශපාලනඥ බොරිස් ජොන්සන් දැඩිමතධාරියකු වන අතර ජෙරමි හන්ට් මධ්‍ය දක්ෂිණාංශික මතධාරියෙකි. කොස්වටිව් පක්ෂ නායකත්වයටත්, බි‍්‍රතාන්‍ය අගමැති ධුරයටත් පත්වීමට ජොන්සන්ට වැඩි අවස්ථාවක් ඇතැයි පෙනී යන බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහාය පළ කර ඇත්තේ ද බොරිස් ජොන්සන්ටය. බ්‍රෙක්සිට් අර්බුදයේදී පැහැදිලි එකඟතාවක් ඇතිකර ගැනීමට ජොන්සන්ට හැකිවනු ඇතැයි ට‍්‍රම්ප් පවසා තිබේ. 55 හැවිරිදි බොරිස් ජොන්සන්, උපත ලබා ඇත්තේ ඇමෙරිකාවේදීය.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් 160 දෙනෙක් ජොන්සන්ට සහාය පළ කරති. ජෙරමි හන්ට් ට සහාය පළ කරන්නේ 76 දෙනකු පමණය. 52 හැවිරිදි ජෙරමි හන්ට් විදේශ ලේකම් සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස 2018 වසරේ සිට කටයුතු කරයි.

ලබන ජූලි මාසයේ කොන්සවට්ව් පක්ෂ සාමාජිකයන් එක් ලක්ෂ හැට පන් දහසක් සහභාගී වන ඡන්ද විමසුමේ දී පක්ෂ නායකත්වය සඳහා ජොන්සන් හෝ හන්ට් හෝ තෝරා ගැනීම සිදුවනු ඇත. පක්ෂ නායකත්වය වෙනුවෙන් ඇරැඹී සටනට පළමුවෙන් අපේක්ෂක අපේක්ෂිකාවෝ 10 දෙනෙක් ඉදිරිපත් වූහ. එය පසුව 7 තෙක් අඩුවිය. අවසානයේ දී ඉතිරි වූ අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ජොන්සන් සහ හන්ට් පමණය.

අගමැති ධුරයේ කටයුතු කළ තෙරේසා මේ, විරෝධතා මැද පක්ෂ නායකත්වයෙන් ඉවත් වූයේ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මුල්කොට ගනිමින්, පැහැදිලි එකඟතාවකට යෑමට නොහැකි වූ බැවිනි. ඇයට ප‍්‍රතිවාදී කම්කරු පක්ෂයෙන් විරෝධයක් එල්ල වූ අතර, ඇගේ කොස්වවටිව් පක්ෂයේ කැරැුල්ලකට මුහුණ දීමට ද සිදුවිය. පක්ෂයට නව නායකයකු තෝරා ගන්නා තුරු, තෙරේසා මේ තවමත් අගමැති ධුරයේ රැඳී සිටින්නීය.

ලන්ඩනයේදී (රොයිටර්ස්)


RECOMMEND POSTS