අලුත් කුමාරයා ‘ආතර්’ ද ?



අලුත උපන් පුත් කුමරුන්ට තවමත් නමක් දමා නැති අතර, ඔහුට යොදන නම කුමක්වේවිදැයි යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් අතරේ ලොකු උනන්දුවක් පවතී.

විලියම් කේට් යුවලගේ පළමු පුතුට ජෝර්ජ් යන නමත් දියණියට චාලට් යන නමත් යොදා ඇති හෙයින්, විලියම් සහ කේට් යුවල නව පුත් කුමරුන් ‘ආතර්’ යනුවෙන් නම් කරනු ඇතැයි අනුමාන කෙරේ.

නව පුත් කුමරුගේ නම ‘ආතර්’ වේවි යැයි රජ පවුලට බෙහෙවින් ආදරය කරන පිරිස් පවුම් 5,000 බැගින් ඔට්ටු අල්ලා ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

‘ආතර්’ යන නම, නව කුමරාගේ සීයා වන චාල්ස් කුමරුන්ගේත්, පියා විලියම් කුමරුන්ගේත් නම් අතරේ ද ඇත. ආතර් යන නම බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වී ඇත්තේ, ‘ආතර් රජුගේ’ පුරාවෘතය හරහාය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS