අලුත් අගමැති මොරිසන්



පාලක ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ සිදුවුණු කුමන්ත්‍රණයින් මැල්කම් ටර්න්බුල්ට පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය අහිමිවීමත් සමඟ එම කුමන්ත්‍රණය මෙහෙය වූ මුදල් ඇමැති ස්කොට් මොරිසන්ට  ඕස්ටේ‍්‍රලියාවේ අගමැති ධුරය හිමිවෙයි.

මොරිසන්, ලිබරල් පක්ෂයේ භාණ්ඩාගාරිකය. මොරිසන් පමණක් නොව, ටර්න්බුල් පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත් කර පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය ලබා ගැනීමට පාලක ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව මෙන්ම  ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමැතිනිය ද වන ජූලි බිෂොප් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් උත්සාහ ගත්හ. කෙසේ නමුත් අවසානයේ දී සාර්ථක වූයේ මොරිසන් පමණි.

මොරිසන්ට පක්ෂ නායකත්වය හිමිවීම සම්බන්ධයෙන් තමන් කිසිදු විරෝධයක් නොදක්වන බව ඩටන් පමණක් නොව ජූලි බිෂොප් ද පවසා ඇත. මොවුන් දෙදෙනාම මොරිසන්ට සුබ පැතූ බව ද පැවැසෙයි.

පසුගිය 21 වැනිදා ද ටර්න්බුල්ගේ නායකත්වය අභියෝගයට ලක් කරමින් ලිබරල් පක්ෂ සාමාජිකයන් අතරේ ඡුන්ද විමසුමක් පැවැත්විණි. එම අවස්ථාවේදී ටර්න්බුල්ට අභියෝග කළේ මොරිසන් නොව, පීටර් ඩටන්ය.

එම ඡන්ද විමසුමේදී ලිබරල් පක්ෂ සාමාජිකයෝ 48 ක් ටර්න්බුල්ට සහාය දක්වමින් ඡුන්දය ප‍්‍රකාශ කළහ. විරෝධය දැක්වූයේ 25 ක් පමණි. ස්වදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ බීටර් ඩටන් එම අවස්ථාවේදී කියා සිටියේ තමන් ධුරයෙන් ඉවත් වී පසු පෙළ අසුන් ගන්නා බවය.

ටර්න්බුල් නායකත්වයට සුදුසු නැති බව පෙන්වා දෙමින්, ඔහු බලයෙන් නෙරපා දැමීමට, මේ අයුරින් කුමන්ත‍්‍රණයක් දියත් වූයේ  ටර්න්බුල්ගේ හඳුන්වා දුන් නව ප‍්‍රතිපත්ති අභියෝගයට ලක්වීමෙනි.

ටර්න්බුල් සම්බන්ධවයන් අද (24) පැවැති ඡන්ද විමසුමේදී ලිබරල් පක්ෂ සාමාජිකයන්ගෙන් 45 දෙනකු කියා සිටියේ ටර්න්බුල් අගමැති ධුරයට සුදුසු නැතැයි කියාය. ටර්න්බුල්ට පක්ෂව ඡුන්දය දුන්නේ 40 ක් පමණි.

පසුගිය කාලය පුරාවට  ඕස්ටේ‍්‍රලියාවේ මේ අයුරින් කුමන්ත‍්‍රණ සිදුවිය. පසුගිය කාලයේ කිසිදු අගමැතිවරයකුට ඔහුගේ හෝ ඇයගේ හෝ ධුර කාලය සම්පූර්ණ කිරීමට අවස්ථාවක් නොලැබුණි. 

ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයකුගේ ධුර කාලය අවුරුදු 3 කි. මැල්කම් ටර්න්බුල් ද පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට පත් වූයේ ද පක්ෂ අභ්‍යන්තරයේ සිදුවුණු කුමන්ත‍්‍රණයකිනි.

(රොයිටර්)


RECOMMEND POSTS