අල්-හෙයට් පුවත්පත යළි වැඩට බහී



ලන්ඩන් නුවර පාදක කර ගනිමින් පලවු පුවත් පතක් වන අල්-හෙයට් යලි මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.   

දුෂ්කරතා කීපයක් හේතුවෙන් දින කීපයක් පල නොකර තිබු බව සබ්ක් ප්‍රවෘත්ති සේවය වාර්තා කලේය. 

ලෙබනන් සහ ඊජිප්තු මාධ්‍ය මෙන්ම සමාජජාල වෙබ් අඩවිද පුවත්පත නැවත ආරම්භ කරන ලෙස විශාල බලපෑමක් එල්ල කර ඇත. 
අල්-හෙයට් පුවත්පත සදහා විශාල පාඨක පිරිසක් සිටින බව වාර්තා වන අතර අරාබි ඩයස්පෝරාව සහ ලිබරල් වාදී බුද්ධිමතුන් ප්‍රධාන තැනක් ගනියි.

ලන්ඩන්, පැරිස්, වොෂින්ටන්, නිව් යෝර්ක්, මොස්කව්, රියාද්, ජෙඩා, බීරුට්, කයිරෝ, බැග්ඩෑඩ්, ඩුබායි, අම්මාන් හා දමස්ක වැනි ප්‍රධාන රාජ්‍යයන් වල පිහිටි නගරවල පුවත්පතේ කාර්යාල පිහිටුවා ඇත.


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS