අරක්කු රැගෙන ගොස් අමාරුවේ



කුවේට් රාජ්‍යයේ මාබූලා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරීන් පාරේ ගමන් කරමින් තිබු වාහනයකට නතර කරන ලෙසට නියෝග කර ඇත.

පොලිස් නිලධාරීන් වාහනය පරීක්ෂා කිරීමේදි පෙරණ ලද අරක්කු බෝතල් 49ක් වාහනය තුල තිබී හමුවී ඇති අතරප්‍රශ්න කිරීම සඳහා වාහනය ධාවනය කළ ආසියාතික රියදුරාපොලිස් අත්අඩංගුවට ගත් බව කුවේට් ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

පොලිසිය ප්‍රශ්න කිරීමේදි ආසියාතික ගණුදෙනුකරුවෙකුට අරක්කු බෝතල් තොගය විකිණීම සඳහා රැගෙන ආ බව පාපොච්ඡාරණය කර ඇත.

නීතිමය කටයුතු කිරීම සඳහාරියදුරාව අදාල අංශ වෙත භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.

මේ අතර, ෆාහාහීල්ප්‍රදේශයේ අරක්කු පානය කරමින් සිටි විදේශිය ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කුවේට් ආරක්ෂක අංශ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
අරේබියන් ටයිම්ස් ඇසුරිනි


RECOMMEND POSTS