අයිස් හොකී කණ්ඩායම අනතුරේ



කැනඩාවේ පාසල් අයිස් හොකී කණ්ඩායමක් ගමන් කරමින් සිටි බස් රියක් අනතුරට ලක් වීමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

බස්රිය අනතුරට ලක්වූයේ එය දැවැන්ත කන්ටේනර් ට්‍රක් රථයක හැපීමෙනි. අනතුර සිදුවී ඇත්තේ සස්කච්චෙවාන් නමැති පළාතේදීය. බස් රථය මෙන්ම ට්‍රක් රථය ද පොඩි පට්ටම් වී ඇත.

අනතුරට ලක් වුණේ ‘හම්බෝල් බ්‍රොන්කොස්’ නමැති කණිෂ්ඨ හොකී කණ්ඩායම අයිස් හොකී කණ්ඩායමය. අනතුර සිදුවෙද්දී, ඔවුන් තරගයකට සහභාගීවීමට යමින් සිටියේ යැයි ද පැවැසෙයි. හොකී කණ්ඩායමේ සාමාජිකයන් අවුරුදු 16 ත් 21 ත් අතර අය යැයි කැනඩා පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.

අනතුර සිදුවෙද්දී බස් රියේ සිටි පිරිස 28 කි. තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල් ගත කෙරුණු බවත් ඔවුන්ගෙන් ද තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

අයිස් හොකී කණ්ඩායම මුහුණ දුන් මෙම අනතුර සම්බන්ධයෙන් මුළු කැනඩාවම කම්පාවට පත්වී ඇති බව ද වාර්තා වේ. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ද ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS