අයිස් කුට්ටියේ කතාව බොරුවක්ලු



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය පානිය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා සැතපුම් 5,000ක් දුරින් පිහිටි දකුණු ධ්‍රැව ප්‍රදේශයේ (ඇන්ටාක්ටිකාව) සිට විශාල අයිස් කුට්ටියක් ඇදගෙන ඒමට සැළසුම් කර ඇති බවට වාර්තාවන් පලවී ඇති බව Al Khaleej පුවත්පත වාර්තා කර ඇත.  

අදාල වාර්තාවන් තරයේ ප්‍රතික්ෂේප කරමින් තම අමාත්‍යාංශය නල මාර්ග ඔස්සේ වෙනත් රටකින් පානීය ජලය ආනයනය කිරීමට සැළසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එමිරේට් බල ශක්ති අමාත්‍යාංශයට අයත් නිල ටුවිටර් සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත. 

සමාජ ජාල පරිශීලකයින් විවිධ අදහස් දක්වමින් තම මතය ඉදිරිපත් කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS