අයිඩායි 31 ක් බිලිගනී



මොසැම්බික් සහ මලාවි යන අප්‍රිකා රටවල් කලඹමින්, ‘අයිඩායි’ නමැති සුළි කුණාටුව ප්‍රචණ්ඩ සුළං සහ මහ වැසි ද සමඟ සිම්බාබ්වේ රාජ්‍යයට කඩා වැදුණි.

සුළි කුණාටුවෙන් දරුණුතම හානි සිදුවී ඇතැයි පැවැසෙන්නේ සිම්බාබ්වේ රාජ්‍යයේ නැගෙනහිර පළාත්වලටය. හදිසියේ හටගත් ජල ගැලීම්, නායයෑම්වලින් පීඩාවට පත් වූ පිරිස මිලියන 1.5 කි. මියගිය ගණන 31 කි. අතුරුදන් වූ ගණන 50 කට වැඩි යැයි පැවැසෙයි.

කාර්යාල, පාසල්, ව්‍යාපාරික ස්ථාන ආදිය වසා දමා ඇත. ඒ, සුළි කුණාටුව පැමිණෙන බව කාලගුණ විද්‍යාඥයන් කළ අනතුරු ඇඟවීම් අනුවය. ගස් කඩා වැටිමෙන් මාර්ග හරස් වී ඇති බවත් දහස් ගණනකට විදුලි බලය අහිමි වී ඇති බවත් වාර්තා වේ.

හරාරේහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS