අබුඩාබිහි අධිවේගි මාර්ගයක් ආසන්නයේ දෙමහල් නිවාසයක හදිසි ගින්නක්



 

අබුඩාබියේ අධිවේගි මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබු දෙමහල් නිවාසයක් හදිසියේ ගිනිගෙන ඇති අතර මහජන ආරක්ෂක ගිනි නිවන ඒකකය පැමිණ ගින්නට හසුවූ පුද්ගලයින් 6 දෙනෙකු බේරාගෙන ඇත. 

අසල පිහිටි නිවාස වලට ගින්න පැතිරීයෑම වැලැක්වීමේ සදහා විශාල පරිශ්‍රමයක් දැරීමට ගිනි නිවන භටයින්ට සිදුවී ඇත. 

මෙම ගින්න බී පන්තියේ ගින්නක් ලෙස වර්ගීකරනය කරන ලද අතර මෙවැනි ගිනි ඇති වීම සදහා පැරෆින්, පෙට්රල්, තෙල් වැනි  දැවෙන සුළු ද්‍රවයක් අවශ්‍ය වන බව සිවිල් ආරක්ෂක අධ්යක්ෂ ජනරාල් කර්නල් මොහොමඩ් අබ්දුල් ජලීල් අල් අන්සාරි, කියා සිටියේය.  

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පොලීසිය ආරම්භ කර ඇත. 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS