අබුඩාබියේ අවන්හලක ගින්නක් හටගනී



අබුඩාබි ගුවන්තොටුපොල මාර්ගයේ පිහිටා ඇති තට්ටු ගණනාවකින් යුත් ගොඩනැගිල්ලක සෙනසුරාදා රාත්‍රියේ විශාල ගින්නක් හටගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

ගිනිගැනීමෙන් ජීවිත හානි හෝ කිසිවෙකුටත් අනතුරකි සිදුවී නොමැති බව වාර්තා වන අතර මහජන ආරක්ෂක ඒකකයේ ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවීම සදහා දැඩි පරිශ්‍රමයක් දරා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ආරක්ෂක පියවරක් වශයෙන් මෙම ගොඩනැගිල්ලේ සිටි සියළුම පුද්ගලයින් වහාම ආරක්ෂිත ස්ථානයකට යවා ඇති බව එම වෙබ් අඩවිය වැඩැදුරටත් සදමන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂනයක් මේ වනවිටත් ආරම්භකර ඇත. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක 
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)  


RECOMMEND POSTS