අබුඩාබියේ අධිවේගි මාර්ගයක අනතුරකින් පස් දෙනෙකු මියයයි.



අබුඩාබි නැගෙනහිර පලාතේ ලිවා හි නෆීර් අධිවේගි මාර්ගයේ කාර් දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් එමිරේට්ස් ජාතිකයින් පස් දෙනෙකු මිය ගොස් ඇත. 

එක් කාරයක රියදුරු සහ අනිත් කාරයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් හතරදෙනෙකු මෙසේ මියගොස් ඇත. 

අධික වේගයෙන් ධාවනය කිරීම සහ ධාවනය කරන අවස්ථාවේදි අඩු අවධානයක් යොමු කිරීම නිසා මෙම මාරක අනතුර සිදුවූ බව නැගෙනහිර පළාත් පොලිස් අධිකාරි කාර්යාලය ප්‍රකාශ කලේය. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS