අබුඩාබි - ඩුබායි නව අධිවේගි මාර්ගය 2017දී විවෘත කෙරේ.



අබුඩාබි සහ ඩුබායි අතර නව අධිවේගි මාර්ගය 2017දී විවෘත කිරීමට නියමිතයි.

මෙය කිලෝ මිටර් 62කින් දුර වන අතර ලබන වසර අවසන්වීමට පෙර මෝටර් රථ පදවන්නන්ට විවෘත කිරීමට නියමිතයි. එක් දිශාවකට මංතීරු 4 බැගින් ඉදිකරනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ මුසනදා සමාගම සමග මහනගර සභා හා ප්‍රවාහන දෙපාර්තුමේන්තුවයි. 

මෙම අධිවේගි මාර්ගය විවෘත කිරීමත් සමග මූලෝපායික වශයෙන් වැදගත් නගරයක් ඇතිකිරීමේ සැලැස්ම යටතේ යටිතල පහසුකම් වල ගුණාත්මකභාවය වැඩිකිරීම හා විශේෂයෙන් එමිරේට්ස් ආර්ථිකය වර්ධනය හා ශක්තිමත් කිරීම සදහා මෙය මනා පිටිවහලක් වන බව එම සමාගම පවසයි.

මෙම අධිවේගි මාර්ගය ෂෙයික් බින් ෂයේඩ් මාර්ගය (E311) දිගු වන අතර එය  අබුඩාබියේ සෙයි ෂුහයිබ් වෙත සම්බන්ධ වනු ඇති. මෙය ඩුබායි වල ස්වෙයිහන් හරහා දිව යනු ඇත.

මෙම ඉදිකිරීම් පැකේජ 2ක් යටතේ ක්‍රියාත්මක කරන අතර මාර්ගය ඉදිකිරීම් අවසන්වූ පසු ඩුබායි ගුවන්තොටු පොළට, යාස් සහ සාදියාත් දූපත්වලට පහසුවෙන් ළඟාවිය හැකි අතර මේ සමගම නව සේවාවන් කීපයක් හදුන්වාදීමට නියමිතයි. 

 

(ටේඩ් අරේබියා ඇසුරෙනි) ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS