අපේ ජනපති කටාරයේ



කටාර් රාජ්‍යයේ දෝහා නුවර නිල සංචාරයක් සඳහා පැමිණි, ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ජනාධිපතිවරයා පිළිගැනීමට  කටාර් වාණිජ කටයුතු ඇමැති ෂෙයික් අහ්මද් බින් ජසීම් ඇතුළු කටාර් රජයේ නියෝජිතයෝ පිරිසක් හමාද් ගුවන් තොටුපොටළට පැමිණ සිටියහ.

ආයෝජන අවස්ථා තව තවත් වැඩි කර ගනිමින්, ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකා ජනපතිගේ මෙම සංචාරය ඉවහල් වනු ඇතැයි ‘ද පෙනින්සියුලා’ පුවත් අඩවිය වාර්තා කරයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS