අප්‍රිකාවට කඩා වැදුණු ‘අයිඩායි’ දහසක් බිලිගනී



අප්‍රිකාවට අයත් මොසැම්බික්, මලාවි සහ සිම්බාබ්වේ යන රටවලට කඩා වැදුණු ‘අයිඩායි’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන දහසකට වඩා වැඩි බවත්, ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

‘අයිඩායි’ සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන අවශ්‍ය බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුටරත් කියා සිටී. ‘අයිඩායි’ සුළි කුණාටුව මොසැම්බික්, මලාවි සහ සිම්බාබ්වේ රාජ්‍යයන් හරහා හමා ගියේ පසුගිය සති අන්තයේය.

මොසැම්බික් රාජ්‍යයයේ පමණක් මියගිය ගණන 300 ක් යැයි එරට ජනාධිපති ෆිලිප් නයිසුයි පවසා ඇත.

සුළි කුණාටුව හේතුවෙන් වසා දැමුණු කාර්යාල, පාසල්, ව්‍යාපාරික ස්ථාන ආදිය තවමත් විවෘත කර නැතැයි ද පැවැසෙයි. බොහෝ පළාත්වලට තවමත් විදුලි බලය නොමැති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මහ වැසි හේතුවෙන් හටගත් නායයෑම්වලින් ගම්මාන රැසක් මුළුමනින්ම පස්වලින් යටවී ඇති බව ද පැවැසෙයි.

බෙයිරාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS