අපරාධ කරන අයට දඬුවම්



මියන්මාරයේ සුළු ජාතිකයන් වන රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව අපරාධ සිදුකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දෙනවා යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සාද් අල් හුසෙන් කුමරු කියයි.

මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ ජිනීවා නුවරදී හදිසි සැසියක් අමතමිනි.

මියන්මාරයේ රොහන්ග්‍යා මුස්ලිම් වැසියන් සමූල ඝාතනය කරනවා යැයි චෝදනා එල්ල වී ඇත්තේ මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කීට සහ ඇගේ රජයේ හමුදාවටය.

(බී.බී.සී.)


RECOMMEND POSTS