අපජලය හරහාත් කොරෝනා පැතිරෙනවා



අපජලය හරහා ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරෙන බව ලතින් ඇමෙරිකා රටක් වන එක්වදෝරයේ සෞඛ්‍ය අංශ බලධාරීන් පවසයි.

එක්වදෝර සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ වාර්තාවක් පාදක කර ගනිමින් මේ බව වාර්තා කර ඇත්තේ දකුණු අප්‍රිකා පුවත් වෙබ් අඩවියකි. එක්වදෝරය ලතින් ඇමෙරිකාවට අයත් දිළිදු රාජ්‍යයකි.

සෞඛ්‍ය පහසුකම් මෙන්ම යටිතල පහසුකම් ද අවම මට්ටමක පවතී. එක්වදෝර සෞඛ්‍ය අංශ සහ නගරසභා බලධාරීන් එරට පැල්පත් නිවාස සංකීර්ණ අවටින් ලබා ගත් අපජලය සාම්පල පරීක්ෂාවට ලක් කිරීමේදී ඒවායේ තිබී ‘කොවිඞ් 19’ වයිරස විෂබීජ සොයා ගත් බව පැවැසෙයි.

එක්වදෝරයේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ පසුගිය පෙබරවාරි 20 වැනිදාය. එදා සිට මේ දක්වා, වයරස දිගටම පැවැති අතර, අද වනවිට එක්වදෝරයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1,78,674 ක් වන අතර මරණ වාර්තා වන්නේ 12,977 කි.

එක්වදෝරයේ සේඛ්‍ය අංශ දුර්වල බැවින් සහ වයිරස ආසාදිතයන් සෙවීමට සිදු කරන පරීක්ෂණ අවම බැවින්, සිය දහස් ගණනින් වයිරස ආසාදිතයන් මඟ හැරී ඇති බව ද පැවැසෙයි.

වැඩිම මරණ වාර්තා වන්නේ එක්වදෝරයේ ගුවාකිල් නගරයෙනි. ගුවාකිල් නගරයේ වීදි පුරා මළ සිරුරු දිනපතා ගොඩ ගැසෙන බවත්, ඒවා රැගෙන යෑමට කිසිවකු නොපැමිණෙන බවත්, නගරයේ සුසානභූමි සියල්ල මළසිරුරුවලින් පිරී ගොස් ඇති බවත් වාර්තා වේ.

කොරෝනා වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයන් භූමදානය කිරීමෙන් වයිරස විෂබීජ පසේ තැම්පත් වී පවතින බව මේ වනවිට බටහිර විද්‍යාඥයන් විසින් තහවුරු කරනු ලැබ තිබේ. මාස ගණනක් තිස්සේ මිහිදන් කළ සිරුරු යළි ගොඩ ගෙන බැලීමේ දී පවා ශේෂ වූ සිරුරු කොටස්වලින් වයිරස විෂබීජ හමුවීම ඊට හේතුවය.

අපජලය හරහා කොරෝනා වයිරස ව්‍යාප්තියක් සිදුවෙනවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැත. කෙසේ නමුත්, මීට පෙර ලොව ව්‍යාප්ත වූ ‘සාර්ස්’ වයිරසය අපජලය හරහා ව්‍යාප්ත වූ බව හොංකොං සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබේ. ‘සර්ස්’ වයිරසය අයත් වන්නේ ද ‘කොවිඞ් 19’ අයත් වන කොරෝනා වයිරස පවුලටය. එහෙයින්, ‘කොවිඞ් 19’ වයිරසය ද අප ජලය හරහා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

‘කොවිඞ් 19’ මෙන්ම, ‘සාර්ස්’ වයිරසය ද ආරම්භ වූයේ චීනයෙනි. ‘සාර්ස්’ මෙන් නොව, ‘කොවිඞ් 19’ ඉතා දරුණු මෙන්ම විනාශ කිරීමට අපහසු ආකාරයේ කොරෝනා වයිරසයකි.

පහසුවෙන් විනාශ කිරීමට නොහැකි බැවින්, ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසය දීර්ඝ කාලයක් අප සමඟ පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පැහැදිලි කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අද (15) වනවිට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 54,308,000 පසු කළේය. සමස්ත කොරෝනා මරණ වාර්තා වූයේ 1,317,400 ක් ලෙසය. ලතින් ඇමෙරිකා රටවල් අතරින් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයේ ආසාදිතයන් ගණන 5,848,960 කි මරණ ගණන 1,65,700 කි. ඇමෙරිකාවට පසු ලොව දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.

ක්විටෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS