අනතුරු ඇඟවීම් ගණන් අරන් නෑ



නව විකෘති වයිරස ප්‍රභේද හමුවුණු බවත්, ඉදිරියේ දී දරුණු වසංගත තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට දිගින් දිගටම අනතුරු අඟවා තිබුණත්, මෝදි රජය එම අනතුරු ඇඟවීම් කිසිසේත් ගණන් නොගත් බවට චෝදනා එල්ල වීමට පටන්ගෙන තිබේ.

නව විකෘති වයිරස සම්බන්ධයෙන් පමණක් නොව, දරුණු කොරෝනා ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ද ඉන්දීය සෞඛ්‍ය අංශ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට අනතුරු ඇඟවීම් කර ඇත්තේ පසුගිය මාර්තු පළමු සතියේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සිදු කළ එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් කිසිදු තැනීමක් නොකළ අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ රජය, පමණක් නොව ඇතැම් විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවා මැතිවරණ රැළි පැවැත් වූ අතර, කුම්භමේලා වැනි ආගමික උත්සවවලට අනුග්‍රහය ලබා දීමක් ද කළේය.

තමන් අනතුරු ඇඟවීම් කළ අවස්ථාවේදී, කිසියම් දුරට තහංචි පනවා, සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නැයි ජනතාවට බල කළේ නම්, මෙවැනි වසංගත තත්ත්වයක් නිර්මාණය නොවීමට ඉඩක් තිබුණැයි ද සෞඛ්‍ය අංශ මෝදි රජයට චෝදනා කරමින් පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS