අතවරයට ලක්වුණු තවත් ඉන්දීය තරුණියක් මරුට



අතවරයට ලක් වී ඉන්පසු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර සිටි 23 හැවිරිදි ඉන්දීය තරුණියක මියගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඉන්දියවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උන්නෝ දිස්ත්‍රික්කයේ තරුණියක වන මැය පසුගිය බ්‍රහස්පතින්දා තරුණයන් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් සමූහ දූෂණය කොට සිරුරට ගිනි තබා ඇත. පැහැර ගැනීමට ලක් වෙද්දී තරුණිය අධිකරණය හමුවේ පෙනී සිටීමට දුම්රියෙන් ගමන් කරමින් සිටියාය.

බරපතල ලෙස තුවාල ලැබූ තරුණිය රෝහල් ගත කෙරුණු නමුත් ඇය බේරා ගැනීමට වෛද්‍යවරුන් අපොහොසත් විය. පශු වෛද්‍යවරිය දූෂණය කර ඇගේ සිරුරට ගිනි තැබූ සිදුවීම සේම මෙම සිදුවීම ද ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS