අගමැතිනියෝ දෙන්නාගේ මාධ්‍ය හමුව



ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සන්නා මරීන් සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් අතර හමුවක් පැවැත්විණි. ඒ, ෆින්ලන්ත අගමැතිනිය නවසීලන්ත​යේ ඕක්ලන්ඩ් නුවරට පැමිණි අවස්ථාවේදීය.

සන්නා මරීන් ෆින්ලන්තයට නායකත්වය දෙන්නේ 2019 වසරේ සිටය. ජැසෙන්ඩා එර්ඩර්න්, නවසීලන්තයට නායකත්වය දෙන්නේ 2017 වසරේ සිටය.

අගමැතිනියන් දෙදෙනා එකිනෙකා හමුවී යුක්රේන අර්බුදය ගැනත්, දේශගුණික විපර්යාස ගැනත් සාකච්ඡා පැවැත්වූ බව පැවැසෙයි.

ඊට අමතරව දෙරට අතර ද්වී පර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ද ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරියගේ මෙම නවසීලන්ත සංචාරය ඉවහල් විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS