අගමැතිගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරලා



හඬපට ප්‍රසිද්ධ වෙද්දී ඉල්ලා අස්වීමට තීරණය කළ යුක්රේන අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ඔහු ගැන තමාගේ ඇති විශ්වාසය කිසිදු ආකාරයකට පළුදු වී නැති බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.

යුක්රේන මාධ්‍ය හරහා ඊයේ (17) ප්‍රසිද්ධියට පත් වුණු එම හඬපටවල ඇත්තේ, අගමැති ඔලෙක්සි හොන්චරුක්, ජනාධිපති සෙලෙන්ස්කි විවේචනය කරන අයුරුය. ඒ, ජනාධිපතිවයරයාගේ ආර්ථික ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි.

එය තමන්ගේ හඬ යොදා ගනිමින් කළ ව්‍යාජ හඬ පටයක් බව පැහැදිලි කරමින්, අගමැති ඔලෙක්සි හොන්චරුක් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර එම තීරණය ජනපතිට දැනුම් දුන්නේය. ජනපතිවරයා එය ප්‍රතික්ෂේප කළේ එවිටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS