අගමැති වෙන්න අනුමැතිය



පාතිස්තානයේ නව අගමැතිවරයා කවුරුදැයි තෝරා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තුව රැස්වුණු අතර, වැඩි කැමැත්ත අනුව අගමැති ධුරය හිමිවූයේ, පසුගිය මහ මැතිවරණයෙන් ජය්‍රහණය කළ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ටය.

ඉම්රාන් ඛාන් මෙන්ම දෙවැනි ස්ථානයට පත් පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක ෂාබාස් ෂරීෆ් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුම පැවැත්විණි.

පාර්ලිමේන්තු නියෝජිතයෝ 176 දෙනක් ඉම්රාන්ට කැමැත්ත පළ කරමින් ඔහු සමඟ එක් වූහ. ෂරීෆ්ට හිමිවූයේ 96 දෙනකුගේ සහාය පමණි. ඒ අනුව, පාකිස්තානයේ නව අගමැති ලෙස ඉම්රාන් ඛාන් දිවුරුම් දෙයි.

(එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS