අකමැත්තෙන් හමුවෙලා



‘ජී20’ සමුළුවට සමගාමීව, ධුරයෙන් ඉවත්වන බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර කෙටි හමුවක් පැවැත්වුණු අතර, අගමැතිනී තෙරේසා මේ, රුසියන් ජනපතිවරයා හමුවූයේ අකමැත්තෙන් මූණ එල්ලාගෙනය.

මහා බි‍්‍රතාන්‍යයත් රුසියාවත් අතර හිත් අමනාපකම් පවතී. ඊට එක් හේතුවක් වී ඇත්තේ පසුගිය වසරේ සැලස්බරි සිදුවීමය.

බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව ලැබ බි‍්‍රතාන්‍යයේ වාසය කළ රුසියානු ඔත්තු සේවා නිලධාරියකු සහ ඔහුගේ දියණියට වසදීමක් සිදුවිය. එය සිදු කළේ රුසියානු ජනාධිපති පුටින්ගේ මැදිහත්වීමෙන් යැයි බි‍්‍රතාන්‍ය රජය චෝදනා නැගීය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS