55 ට වැඩි අයට එන්නත දෙන්නේ නෑ



කැනඩාවේ අවුරුදු 55 ට වැඩි පුද්ගලයන්ට 'ඔක්ස්ෆර්ඩ්  ඇස්ට්‍රාසෙනකා' ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොදීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

කැනඩා සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ එන්නත ලබා ගැනීමෙන් පසු ලේ කැටි ගැසීම් සිදුවීම සම්බන්ධයෙනි.

කෙසේ නමුත් ඇස්ට්‍රා සෙනකා සමාගම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පවසා ඇත්තේ එන්නත ලබා ගැනීමෙන්  පසු ලේ කැටි ගැසීම් සිදු නොවන බවය.

කැනඩා සෞඛ්‍ය බලධාරීන් මීට පෙර 'ඔක්ස්ෆර්ඩ්  ඇස්ට්‍රාසෙනකා' එන්නත නිර්දේශ කර තිබුණේ අවුරුදු 18 ත් 65 ත් වයස් කාණ්ඩය සඳහා පමණි.

කැනඩාවට 'ඔක්ස්ෆර්ඩ්  ඇස්ට්‍රාසෙනකා' එන්නත් මිලියන 1.5 ක් ඇමෙරිකාවෙන් ලැබීමට නියමිතය. ඒ ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන 'ඔක්ස්ෆර්ඩ්  ඇස්ට්‍රාසෙනකා' එන්නත්ය.

තවමත් ඇමෙරිකාව 'ඔක්ස්ෆර්ඩ්  ඇස්ට්‍රාසෙනකා' එන්නත ඇමෙරිකානුවන්ට ලබා දීම කෙරෙහි අනුමැතිය දී නැත.

(රොයිටර්)


RECOMMEND POSTS