13,000 ක් කොටුවෙලා



ස්විට්සර්ලන්තයේ ඇල්ෆ් කඳුකරය ආශ්‍රිත සර්මාට් නමැති සංචාරක නගරයේ සංචාරකයෝ 13,000 ක පිරිසක් දැඩි හිම පතනයක් හේතුවෙන් කොටුවී සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

දැඩි හිම පතනය හේතුවෙන් මාර්ග මුළුමනින්ම හිම තට්ටුවලින් වැසී ගොස් ඇති බව පැවැසෙයි. දුම්රිය ගමන් කටයුතු ද මුළුමනින්ම ඇණහිට ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සංචාරක නිකේතනවල කොටුවී සිටින පිරිස් අතරින් වැඩි දෙනා විදේශිකයන් බව ද පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS