101 ක් වයස වැඩිහිටියෙක් සුවය ලබයි



‘කෝවිඞ් 19’ හේතුවෙන් ගතවුණු පැය 24 ඇතුළත ඉතාලියේ දහසකට ආසන්න පිරිසක් මියයද්දී, එරට ‘රිමිනි’ නමැති නගරයේ කොරෝනා ආසාදිත 101 ක් වයසැති වැඩිහිටියකු සම්පූර්ණයෙන් සුව වූ බව වාර්තා වේ.

‘රිමිනි’ යනු ඉතාලියේ වෙරළාශ්‍රිත නගරයකි. කොරෝනා ආසාදනය වී සම්පූර්ණයෙන් එයින් සුවය ලැබූ වයස්ගතම පුද්ගලයා ලෙස මෙම තැනැත්තා සැලකිය හැකි යැයි ඉතාලි පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

චීනයෙන් පසු වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන දෙවැනි රට බවට පත් වී ඇත්තේ ඉතාලියයි. ඉතාලියේ ආසාදිතයවන් සංඛ්‍යාව 80,500 ඉක්මවා ඇත. අද (28) ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 8,215 කි.

රෝමයේදීය (රොයිටර්)


RECOMMEND POSTS