100 ක් පණ පිටින් පිළිස්සෙති



පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ඉන්ධන බවුසරයක් ගිනි ගැනීමෙන් 100 කට වැඩි පිරිසක් පිළිස්සී ජීවිතක්ෂයට පත්වූහ.

ඉන්ධන ප්‍රවාහන බවුසරය ගිනි ගත්තේ එය පෙරැළී ගොස් පිපිරීමෙනි. ඉන්ධන සමඟ ගින්න අසුරු සැණින් අවට පැතිරිණි. ඒ, අවට සිටි පිරිස් බිලි ගනිමිනි.

ඉන්ධන බවුසරය ගිනි ගත්තේ නගර බහවල්පූර් නගර මධ්‍යයේ අධිවේගී මාර්ගය ආසන්නයේය. මෝටර් රථවල සිටි පිරිස් පවා ගින්නට හසුවී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් මෝටර් රථ 6 කට සහ යතුරු පැති 12 කට හානි සිදුවිය. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 76 ක් යැයි වාර්තා වේ. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS