• 2017-02-22 00:00:00
  • ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56
  • බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86
  • යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02
  • ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44
  • කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94
  • ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24
  • සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99
  • ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616

දැරියක් විවාහ කරගැනීමට ගිය මහල්ලාට සෞදි අධිකරණය හරස්වේ



වයස අවුරුදු 16ක දැරියක් විවාහ කරගැනීමට ගිය 76 හැවිරිදි සෞදි ජාතිකයෙකුට එම විවාහය කරගැනීම අධිකරණය මගින් තහනම් කරන ලදී.  

දැරියගේ බලවත් අකමැත්ත විවාහ ගිවිසුම් රෙජිස්ට්‍රාර්වරා වෙත දැණුම්දීමෙන් පසු ඔහු ඒ බව අධිකරණය වෙත දැණුම් දෙන ලදී. 

ඉදිරිපත්කරන කරුණු සලකා බැලූ  යන්බු අධිකරණ විනිසුරු, ෂයික් ඕමාර් අබ්දුල්ලා අල්-හසන්  මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී. 

යන්බු පළාතේ කුඩා ගමක මෙම විවාහ උත්සවය සිදුකිරීමට නියමිතව තිබිණි.

සිතන්නට යමක්: මෙවැනි විවාහ තුලින් එම දරුවාට අත්වන අවාසනාවන්ත ඉරණම පිළිබදව අප විසින් සිතිය යුතු කාලය පැමිණි ඇත. 

ගතානුගතික සිරිත් විරිත් සහ ආගමික ඇදහිලි කරපින්නා ගෙන යෑමට වඩා යථාර්තවාදීව ලෝකය දැකීමෙන් මෙවැනි අන්ත අසරණභාවයට පත්වන දරුවන්ගේ ජීවිත සාර්ථකත්වයට පත්කිරීමට අපට හැකියාව ලැබේ.  

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RELATED POSTS