ඇමෙරිකන් යානයක් කඩා වැටී 16 ක් මරුට



ඇමෙරිකන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි 16 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

කඩා වැටුණේ ඇමෙරිකන් මෙරීන් හමුදා සොල්දාදුවන්ට අයත් කේ.සී. 130 වර්ගයේ හමුදා යානයකි. යානය කඩා වැටුණේ මිසිසිපි ජනපදයේ දකුණු දෙසින් පිහිටි සන්ෆ්ලවර් ලීෆෝර් ප්‍රාන්තයේ වගුරු බිමකටය.

යානය කඩා වැටුණේ කෙසේදැයි මෙතෙක් අනාවරණය වී නැති අතර නියමුවන්ගේ වරදින් එය සිදුවන්න ඇතැයි සැක කෙරේ. යානය කඩා වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS