‘බි‍්‍රක්සිට්’ කල් දමන්න පාර්ලිමේන්තුවේ ඡන්දයක්



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ යෝජනාවලිය කල් දැමීම සම්බන්ධයෙන්, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසුමක් පැවැත්වීමට නියමිතය.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන්, බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව යෝජනාවට පසුගිය 11 වැනිදා දැඩි විරෝධයක් එල්ල විය.

එම යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසුමේදී 391 දෙනකු එම යෝජනාවට විරෝධය දක්වමින් ඡන්දය ලබා දුන් බවත් පක්ෂව ඡන්දය දුන්නේ 242 ක් පමණක් බවත් වාර්තා විය. මහා බි‍්‍රතාන්‍යය ලබන 29 වැනිදාට පෙර යුරෝපා සංගමයෙන් ඉවත් වීම කළ යුතුව ඇත. බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, යුරෝපා සංගමය සමඟ සාකච්ඡා පවත්වා සකස් කළ යෝජනාව පරාජයට පත්වුණු දෙවැනි අවස්ථාව මෙයයි.

යෝජනාව පරාජයට පත්වුණු බැවින්, අගමැතිනී තෙරේසා මේ උත්සාහ ගන්නේ දින කීපයකට ‘බි‍්‍රක්සිට්’ යෝජනාවලිය කල් දැමීමටය. ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්වෙන්නේ ඒ අනුවය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS