‘තත්ත්වය පාලනය කරන්න උපරිම බලය යොදවනවා’



රටේ  ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියයි.

වයඹ පළාතේ ඊයේ (13 වැනිදා) ඇතිවූ තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශේෂ ප‍්‍රකාශක් කළ යුද හමුදාපතිවරයා එසේ කියා සිටියේය.

 

යුද හමුදාපතිවරයාගේ සම්පූර්ණ ප‍්‍රකාශය  :

”වයඹ පළාතේදී ඊයේ සිදුවූ සිදුවීම් නිසා, (ඒ කියන්නේ හලාවතින් පටන්ගෙන කුළියාපිටිය, හෙට්ටිපොල සහ අනෙකුත් ප‍්‍රදේශ වලට පැතිරුණු සිදුවීම්) ඊයේ සවස ඇඳිරි නීතිය පනවන්න අපට සිද්ධ වුණා. දේපළවලට හානි කිරීමටත් විනාශයට පත්කිරීමටත් කිසියම් තරුණ පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.”

”මේ නිසා, දේපල හානි කිරීමට හෝ රජයේ හෝ ආරක්‍ෂක හමුදාවල අවවාද නොතකා හැරීමට කිසිවකු සූදානම් වෙනවා නම්, ඔවුන් මර්දනය කිරීම සඳහා උපරිම බලය යෙදීමට පියවර ගන්නා බව, යුද හමුදාපතිවරයා වශයෙන් මා මේ අවස්ථාවේදී අවවාද කර සිටිනවා.....මා නැවතත් කියා සිටින්නේ, හදිසි තත්ත්වය යටතේ පැවරී ඇති බලතල අනුව, ඔවුන් ග‍්‍රහණයට ගැනීමට, අත්අඩංගුවට ගැනීමට හෝ අවශ්‍ය වුවහොත් වෙඩි තැබීම දක්වා අවම බලයේ සිට උපරිම බලය යෙදවීමට  පසුබට නොවන බවයි.

”රට නැවතත් උන්මන්තකයන්ගේ හෝ ත‍්‍රස්තවාදයේ ප‍්‍රචණ්ඩත්වය කරා යොමු වීම වැළැක්වීමට අපි අවශ්‍ය සියලූම පියවර ගන්නවා. කරුණාකර මෙම නීතිවිරෝධී කටයුතු සඳහා සම්බන්ධ නොවී සිටීමට ඔබ සියලූ දෙනාම වගබලාගන්න”

”එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරිමට සහ මැඬපැවැත්වීම සඳහා ආරක්‍ෂක හමුදා සියලූම බලය යොදවනවා. රටේ  ඕනෑම පෙදෙසක ඇතිවිය හැකි ප‍්‍රචණ්ඩත්වය මර්දනය කිරීම සඳහා ආරක්‍ෂක හමුදා ඉතාමත් ශක්තිමත් ස්ථාවරයක සිටිනවා.”

”නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහාය වීම සඳහා අප මේ වන විටත් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා තිබෙනවා. මා, ඉතා  ඕනෑකමින්, මේ තරුණ ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීමෙන් ආරක්‍ෂක හමුදා සමඟ නොපැටලෙන ලෙසයි. එසේ වුවහොත් අපේ බලය පාවිච්චි කරන්න අපට සිද්ධ වෙනවා” යැයිද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඊයේ (13 - සඳුදා) විශේෂ ප‍්‍රකාශයක් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ රටේ සාමය බිඳ දමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත  පවරා දී තිබෙන බවයි. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියලූ පියවර ගන්නා බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කීවේය.

සාමය කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින්


RECOMMEND POSTS