‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම 22 වැනිදා



තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අවසන් මොහොතේ නවතා දැමුණු ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ සඳ ගවේෂණ මෙහෙයුම ලබන 22 වැනිදා යළි ආරම්භ කරන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි.

‘චන්ද්‍රයාන්  2’ මෙහෙයුමට යානා 3 ක් ඇතුළත් වෙයි. ඒ අතර සඳ මතුපිට එහෙමෙහෙ යා හැකි ආකාරයේ රෝවර් යානයක් ද ඇත.

‘චන්ද්‍රයාන්  2’ මෙහෙයුම පසුගිය 15 වැනිදා ආරම්භ කිරීමට සැලැසුම් කර තිබුණු නමුත් තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අවසන් මොහොතේ නවතා දැමුණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS