‘කොවිඞ් 19’ ලෝකයට අලුත් නැහැ



අප ‘කොවිඞ් 19’ යන නාමයෙන් හඳුන්වන, කොරෝනා වයිරස පවුලේ නවතම වයිරසය, ලොවට ආගන්තුක නැතැයි ජගත් විද්‍යාඥයන් කණ්ඩායමක් කළ පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් මේ වනවිට ‘ද නේචර්’ විද්‍යා සගරාවේ පළ වී ඇත. ‘කොවිඞ් 19’ කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා වෙයි. කොරෝනා යනු වයිරස සිය ගණන අයත් වයිරස පවුලකි. මේවා මනුෂ්‍යයන්ට ආසාදතය වන්නේ ක්ෂීරපායී සතුන්ගෙනි.

නිල වශයෙන් ‘කොවිඞ් 19’ යන නමින් හැඳින්වෙන නව කොරෝනා වයිරසය දශක ගණනක් තිස්සේ වවුලන්ගේ සිරුරුවල තිබුණු බවට සාක්ෂි අනාවරණය කර ගැනීමට ජගත් පර්යේෂණ කණ්ඩායම සමත් වී තිබේ.

‘අප අද කොවිඞ් 19 ලෙස හඳුන්වන මේ වයිරසය ඇත්තෙන්ම ලොව අලුත් දෙයක් නොවෙයි. රසායගාගාරයක නිර්මාණය කළ කෘත්‍රිම එකක් නොවෙයි. දශක ගණනක් තිස්සේ අනෙක් කොරෝනා වයිරස අතරේ මේ වයිරසය තිබුණා. ඒ බව වවුලන් යොදාගෙන කළ පර්යේෂණවලදී තහවුරු කර ගැනීමට හැකිවුණා’ යැයි එම විද්‍යාඥ කණ්ඩායම වැඩි දුරටත් පවසා ඇත.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS