ෆේස්බුක් දඩකයි



ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිතයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරදකරුවුණු ඇමෙරිකාවේ ෆේස්බුක් සමාගම පවුම් ලක්ෂ 5 ක දඩයක් නියම කිරීමට බ්‍රිතාන්‍යයේ තොරතුරු සන්නිවේදන කොමිසම පියවර ගෙන ඇත.

ෆේස්බුක් සමාගමේ දත්ත ලබා ගනිමින්, ඒවා අවභාවිතයට ලක් කළේ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමය.

බ්‍රිතාන්‍ය තොරතුරු සන්නිවේදන කොමිසම ෆේස්බුක් සමාගමට එරෙහිව දඩමුදලක් නියම කිරීමට පියවර ගත්තේ එහෙයිනි.
ෆෙස්බුක් ගිණුම් හිමියන්ගේ තොරතුරු අවභාවිතයට ලක් වෙද්දී, මාර්ක් සකර්බර්ග්ට බොහෝ දෙනාගෙන් දොස් අහන්න සිදුවිය.  ඔහුට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ කමිටුවක් හමුවේ පෙනී සිටිමින් සාක්ෂි දීමට පවා සිදුවිය.

තම ගිණුම් හිමියන්ගේ තොරතුරු අවභාවිතයට ලක්වීම සම්බන්ධයෙන්,  කනගාටුව පළ කරන ෆෙස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ සිදුවුණු වැරැදි නිවැරදි කිරීමට කටයුතු කරන බවය.

සකර්බර්ග් වැඩිදුරටත් පවසා ඇත්තේ, ෆෙස්බුක් ගිනුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිතය කිරීම වැළැක්වීමට නව ආරක්ෂක ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS