ෆේස්බුක් ජාලය හිටිහැටියේ බිඳ වැටේ



ලොව පුරා රටවල් රැසක ෆේස්බුක්, සමාජ ජාලයත්, ෆේස්බුක් ජාලයට අයත් සම්බන්ධ මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ආදී පණිවුඩ හුවමාරු සේවා ද හිටිහැටියේ බිඳ වැටුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ෆේස්බුක් සමාජ ජාලය සහ මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හිටිහැටියේ දීර්ඝ කාලයක් පුරා මේ අයුරින් අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

මෙම බිඳ වැටීම සිදුවූයේ තාක්ෂණික දෝෂයක් නිසා යැයි පැවැසුවත්, ෆේස්බුක් සමාගම ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කර නැති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ෆේස්බුක්, මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් අක්‍රිය වූයේ ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව සහ ජපානය යන රටවලටය.

ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS