හුවායි ලොක්කාගේ දියණිය අත්අඩංගුවට



චීන ‘හුවායි’ සමාගමේ ප්‍රධානියාගේ දියණිය මෙංග් වංසූ කැනඩාවේ වැන්කුවර් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙංග් වංසූ, හුවායි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියයි. අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් මෙංග් වංසූ ඇමෙරිකාවට පිටුවහල් කිරීමට නියමිත බව ද පැවැසෙවයි.

හුවායි සමාගම ඇමෙරිකා සම්බාධක මැද ඉරානය සමඟ ගනුදෙනු කරනවා යැයි ඇමෙරිකාව චෝදනා කර තිබේ. එම චෝදනා සම්බන්ධයෙන් මෙංග් වංසූ අත්අඩංගුවට ගන්න ඇතැයි සැකයක් පවතී.

මෙංග් වංසූ වහා නිදහස් කරන්නැයි චීනය කැනඩා බලධාරීන්ට බළ කර ඇතැයි පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS