හමුදා කුමන්ත්‍රණය අසාර්ථකයි



දීර්ඝ කාලයක් තිස්සේ බලයේ රැඳී සිටින ජනාධිපති අලී බොන්ගෝට විරෝධය පළ කරමින්, රටේ බලය අල්ලා ගැනීමට එරට හමුදාවේ උසස් නිලධාරීන් කිහිප දෙනකු ගත් උත්සාහය අසාර්ථක වී ඇත.

කුමන්ත්‍රණයට සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනා මරා දැමීමට ද සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ සමත් විය. හමුදා කුමන්ත්‍රණය ආරම්භ වූයේ ඊට සම්බන්ධ නිලධාරීන් ගැබොන් රජයේ ගුවන් විදුලි නාළිකාව බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමත් සමඟය.

වත්මන් අගමැති 59 හැවිරිදි බොන්ගෝ පසුගිය ඔක්තෝබරයේ හෘදයාබාධයකට ලක් වී සෞදියේ ප්‍රතිකාර ලැබුවේය. ඉන්පසු පසුගිය නොවැම්බරයේ සිට ඔහු මොරොක්කෝවට ගොස් වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS