සෞදිය හිටිහැටියේ විනෝදබර තැනක් වෙලා



සෞදි අරාබිය හිටිහැටියේ විනෝදබර තැනක් බවට පරිවර්තනය වී ඇති බවත්, බටහිර පොප් ගායකයන්, සංගීතඥයන් සහ මැජික් ශිල්පීන් පසුගිය සති කිහිපයේ සෞදි වැසියන් අමන්නානන්දයට පත් කිරීමට සමත්වුණු බවත් වාර්තා වේ.

මේ සියලු පෙරැළි සිදුවෙන්නේ අබ්දුල්ලා රජුගේ ආර්ථික පුරය වන සංකල්පය හරහාය. පසුගිය දා ඇමෙරිකන් පොප් ගායක ජස්ටින් බේබර්ගේ සංගීතයෙන් ද අබ්දුල්ලා රජුගේ ආර්ථික පුරය හැඩ ගැන්වුණැයි ද වාර්තා විය.

වසර 2030 වෙද්දී සෞදිය මැදපෙරදි කලාපයේ පමණක් නොව මුළුමහත් ලෝකයේම ආර්ථිකය පමණක් නොව විනෝදාස්වාදයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අබ්දුල්ලා රජුගේ ආර්ථික පුරයේ සංකල්පය වී ඇතැයි වාර්තා වේ.

 

(රොයිටර්)


RECOMMEND POSTS