සෞදියෙන් කුරුල්ලන් ආනයනය තහනම්



ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය මගින් කරන ලද අනතුරු අගවීමකට අනුව සෞදි ජලජ, පරිසර සහ කෘෂීකාර්ම අමාත්‍යාංශය මගින් ස්පාඤ්ඤයෙන් කුරුල්ලන් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කර ඇත. 

කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය විසින් රටවල් වලට අනතුරු ඇගවීම් නිකුත් කර ඇත. 

ඒ අනුව සෞදි ජලජ, පරිසර සහ කෘෂීකාර්ම අමාත්‍යාංශය මගින් කුරුල්ලන් පිටරවලින් ගෙන ඒම තාවකාලිකව නතර කිරීම සදහා පියවර ගනිමින් සිටිති.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS