සුරිනේම් ජනපතිට 20 වසරක සිරදඬුවමක්



ලතින් ඇමෙරිකාවට අයත් සුරිනේම් රාජ්‍යයේ ජනපති 74 හැවිරිදි ඬේසි බුටර්සේ පුද්ගල ඝාතන චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ බවත් ඔහුට 20 වසරක සිර දඬුවමක් නියම වුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

1982 දී ඬේසි බුටර්සේ විපක්ෂ දේශපාලඥ ක්‍රියාකාරීන් 15 දෙනකු වෙඩි තබා මරා දැමීමට අණ දී ඇත. ඬේසි බුටර්සේට සිර දඬුවම් නියම වූයේ එම චෝදනා සම්බන්ධයෙනි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් වෙද්දී ජනපති ඬේසි බුටර්සේ චීනයේ සංචාරයකට ගොස් සිටි බව ද පැවැසෙයි. තමන් කිසිදු වරදක් කර නැතැයි ජනපතිවරයා තරයේ කියා සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS