සිදුරක් හාරලා හිරෙන් පැනලා



මිනීමැරුම් චෝදනා එල්ල වී, බන්ධනාගාරගත කර සිටි රැඳෙවියන් දෙදෙනකු, බන්ධනාගාර වැසිකිළියේ සිවිලිමේ සිදුරක් සකස් කර, වායු නළයක් දිගේ බඩ ගා ගොස් බන්ධනාගාරයෙන් පලා ගිය බව ඇමෙරිකා මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ පලා ගොස් ඇත්තේ සැන්ටෝස් සැමුවෙල් ෆොන්සේකා (21) සහ ජොනතන් සල්සාර් (30) දෙදෙනාය. මොවුන් දෙදෙනාට වෙන වෙනම පුද්ගල ඝාතන චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙයි.

දෙදෙනා පලා ගියේ කැලිෆෝනියා ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට නුදුරින් පිහිටි සලිනාස් නුවර බන්ධනාගාරයෙනි. පලා යෑම සඳහා මොවුන් සිවිලිමේ සෙන්ටි මීටර් 55 ක සිදුරක් සකස් කරගෙන ඇත.

සැන් ෆ්‍රැන්සිස්කෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS