සැක සහිත පාර්සල ලැබිලා



ඕස්ටේ‍්‍රලියා මෙල්බෝන් නුවර විදෙස් කොන්සල් කාර්යාල රැසකට සැකසහිත පාර්සල ලැබීමත් සමඟ මහත් කලබලයක් හටගත්තේය.

සැකසහිත එම පාර්සල ලැබී ඇත්තේ මෙල්බෝන් නුවර පිහිටි කොරියාවේ, ජර්මනියේ, ඉතාලියේ, ස්විට්සර්ලන්තයේ, පාකිස්තානයේ, ඉන්දියාවේ, ග්‍රීසියේ සහ ඉන්දුනීසියාවේ කොන්සල් කාර්යාලවලටය.

උදෑසන එම සැක සහිත පාර්සල කොන්සල් කාර්යාලවලට ලැබීමත් සමඟ ඒවායේ ආරක්ෂක නිලධාරීන් මෙල්බෝන් පොලිසියට දන්වා ඇත. කොන්සල් කාර්යාල ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ සැක සහිත සුදු කුඩු විශේෂයක් එම පාර්සලවල අන්තර්ගත වී තිබුණු බවය.

මෙල්බෝන් පොලිසිය පමණක් නොව,  ඕස්ටේ‍්‍රලියා ෆෙඩරල් පොලිසිය ද එක් වී, ගිනි නිවන භට කණ්ඩායම් ද කඩිනමින් කොන්සල් කාර්යාල වෙත පැමිණ ඇති බවත්, සිරුරු සහ මුහුණු ආවරණය කරගත් පරීක්ෂණයන් පැමිණ පාර්සල පරීක්ෂාවට ලක් කළ බවත් වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS