සරණාගතයින් 28ගේ මළ සිරුරු හමුවෙයි



ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රාවක අතරමංව සිටියදී මියගිය සරණාගතයින්  28 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

ධීවරයින් විසින් අදාළ සරණාගත යාත්‍රාව සොයා ගෙන ඇති අතර එහිදී මෙම මළ සිරුරු හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ පුද්ගලයින් පිපාසය සහ කුසගින්න හේතුවෙන් මියගොස් ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ අතර සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පෙන්වා දෙන්නේ මේ වසර තුළ පමණක් සංක්‍රමණිකයින් 900 දෙනෙකු පමණ දේශපාලන රැකවරණය පතා මධ්‍ය ධරණී මුහුද හරහා ගමන් කිරීමේදී මියගොස් සහ අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS