සමෝආවෙන් පළමු ආසාදිතයා හමුවෙයි



දකුණු පැසිෆික් සාගරයේ පිහිටි පොලිනීෂියානු දූපත් අතරට අයත් වන සමෝආ දූපත් රාජ්‍යයෙන් පළමු වරට ‘කොවිඞ් 19’ ආසාදිතයකු වාර්තා වෙයි.

පසුගිය මාස කිහිපය පුරාවට ලොව පුරා රටවල් 218 කට සහ පාලන ප්‍රදේශ රැසකට ‘කොවිඞ් 19’ වයිරසය ව්‍යාප්ත වූ නමුත්, සංචරණ අවම, හුදෙකලාව පිහිටි දූපතක් වූ බැවින් සමෝආ දූපතට වයිරසයෙන් බලපෑම් එල්ල වී තිබුණේ නැත.

‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ සමෝආ ජාතිකයෙකි. මොහු යුරෝපයේ සංචාරකට ගොස් නවසීලන්තය හරහා සමෝආ බලා පැමිණි නාවිකයකු බව සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සමෝආ දූපතේ ජනගහනය ලක්ෂ දෙකක් පමණය.

මේ වනවිට ලෝකයේ සමස්ත ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 56,619,747 කි. මරණ වාර්තා වන්නේ 1,355,875 ලෙසය. වැඩිම මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

අප්ලාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS