ශාන්ත පීටර්ස්බර්ග් නුවර බෝම්බයක්



රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුපිරි වෙළෙඳසැළක සිදුවුණු බෝම්බ පිපිරීමකින් 10 දෙනෙකු රෝහල් ගත කළ බව එරට පුවත් සේවා  වාර්තා කළේය.

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ ආරක්ෂක අංශ කියා සිටියේ එය නිවසේ සොයා ගත හැකි ද්‍රව්‍ය යොදා ගනිමින් සකස් කරන ලද බෝම්බයක් කියාය.

බෝම්බය පිපිරීම සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පවත්වන බව රුසියානු ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී. ඊට අමතරව ශාන්ත පීටර්ස්බර්ග් නුවර ආරක්ෂාව තර කිරීමට රුසියානු ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS