වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග



2019 නොබෙල් ත්‍යාගලාභීන් කවුරුන්දැයි ප්‍රකාශයට පත් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත.

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතර බෙදී ගියේය.

ඔක්සිජන් මට්ටම්වලට සිරුර ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන සම්බන්ධයෙන් කරන ලද සොයාගැනීම් වෙනුවෙන් විලියම් කේලීන්, සර් පීටර් රැට්ක්ලිෆ් සහ ග්‍රෙග් සෙමෙන්සා යන විද්‍යාඥයෝ තිදෙනා එලෙස වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.

විලියම් කේලීන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන අතර සර් පීටර් රැට්ක්ලිෆ් එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

ග්‍රෙග් සෙමෙන්සා ඇමෙරිකාවේ තවත් විශ්ව විද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

හර්ෂණ තුෂාර සිල්වා
ද ගාඩියන් ඇසුරිනි 

RECOMMEND POSTS