වික්‍රමය ගැන චිත්‍රපට දෙකක්



තායිලන්ත ලෙන තුළ සිරවුණු පාසල් පා පන්දු කණ්ඩායම බේරා ගැනීමේ අසීරු මෙන්ම අවදානම් මෙහෙයුම ඇසුරින් හොලිවුඞ් සිනමා නිර්මාණයක් පමණක් නොව තායිලන්ත සිනමා නිර්මාණයක් ද එකිනෙකට නොදෙවැනි අයුරින් නිර්මාණය කිරීමට සැලැසුම් සකස් වෙමින් පවතී.

හොලිවුඞ් සිනමා නිෂ්පාදන සමාගම් කිහිපයක් තායිලන්ත රජය, නාවික හමුදාව පමණක් නොව, තායිලන්ත චිත්‍රපට නිෂ්පාදන සමාගම් සමඟ ද එක් වී හොලිවුඞ් සිනමාපටය නිර්මාණය කරන ඇත. තායිලන්ත චිත්‍රපටය නිර්මාණය කරනු ඇත්තේ ‘නව් යූ සී මී 2’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජෝන් එම්. චූ යැයි ද පැවැසෙයි.

එපමණක් නොව, පාසල් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ සහාය පුහුණුකරු සිරවුණු දෙස් විදෙස් කාගේත් අවදානයට ලක් වුණු චියැංග් රායි පළාතේ ලෙන, කෞතුකාගාරයක් ලෙස නම් කිරීමට ද තායිලන්ත රජය කටයුතු කරන බව එරට පුවත් සේවා වාර්තා කරයි.

තායිලන්ත අගමැති ප්‍රයාත් චා ඕචා පවසා ඇත්තේ ඉදිරියේ දී ලෙන නැරැඹීමට සහ ගවේෂණයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ද සකස් කරන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS