වැඩබලන ආරක්ෂක ලේකම් ඇෆ්ගනිස්තානයේ



ඇමෙරිකාවේ වැඩ බලන ආරක්ෂක ලේකම් පැට්රික් ෂනහාන් පෙර දැනුම් දීමක් නොකර ඇෆ්ගනිස්තානයට පැමිණ ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකන් සොල්දාදුවන් හමුවීමෙන් පසු ෂනහාන් ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව පැවැසෙයි.

වසර 17 ක් තිස්සේ ඔඩුදුවමින් පවතින ඇෆ්ගන් අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට ඇමෙරිකාව මේ වනවිට සූදානමින් සිටී. ඒ, තලේබාන් සංවිධානයේ සාමාජිකයන් ද සමඟ සාකච්ඡා පවත්වමිනි. සටන් විරාමයක් සඳහා එසේ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS