ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි



ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ 'කොවිඩ් 19' වයිරස වසංගතය මුල්කොට ගනිමිනි. 'කොවිඩ් 19' වයිරසය ආරම්භ වූයේ චීනයෙනි. චීනයේ ආසාදිතයන් අඩුවී ඇති නමුත් අද ලොව වයිරස ආසාදිතයන් සහ මරණ වැඩියෙන්ම වාර්තා වෙන්නේ ඇමෙරිකාවෙනි.

 කෙසේ නමුත් චීනයේ කීමට යටවී, ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරසය ගැන නිසි වේලාවට නිසි අනතුරු ඇගවීම් නොකළ බවට ජනපති ට්‍රම්ප් චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වගකීම් පැහැර හැර ඇති බවත්, ඇමෙරිකාවේ ආසාදිතයන් ඉහළ ගියේ ඒ නිසා බවත් ට්‍රම්ප් පෙන්වා දී ඇත.

ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම කනගාටුවට කරුණක් යැයි ජර්මනිය පවසා ඇත. ඇමෙරිකන් ජනපති ගත් මෙම තීරණය, ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වීමෙන් වයිරසයට එරෙහි එන්නතක් නිපදවීමේ ක්‍රියාවලියට බාධාවක් බව යුරෝපා සංගමය පවසයි. ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි යුරෝපා සංගමය ඇමෙරිකා ජනපතිට පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS